Monday, August 20, 2018

දුම්රිය අතවරය

දුම්රිය අතවරය




  ලෝකයේ ප්‍රවාහන පහසුකම් සඳහා ඇති එක් මාර්ගයක් වනුයේ දුම්රියයි. අදවනවිට දුම්රිය ප්‍රවාහනය සමාජයට අවශ්‍යම මූලිකාංගයක් බවට පත්ව ඇත. එය ඇනහිටියහොත් සියලු කාර්යන් නැවතේ. ඒ තරමටම දුම්රිය සමාජයට අවශ්‍ය වූවකි. සියල්ලෝම දුම්රියේ ගමන් කරති. එහි සේවාව භුක්ති විඳිති.

   වර්තමාන සමාජයේ දුම්රියේ ගමන් කරන පිරිස අතිමහත්ය. උදෑසනක දුම්රියේ නැඟී කොළඹට යෑම අතිශය දුෂ්කර ක්‍රියාවකි. ඒ තරමටම බොහෝ මිනිසුන් ප්‍රමාණයක් එහි ගමන් කරයි. මෙහිදී කාන්තාවකට ගමනාන්තය තෙක් ආරක්ෂාකාරීව ගමන් කළ හැකිද? උදෑසන දුම්රියක බොහොමයක් ගමන් කරනු ලබන්නේ කාන්තාවන්ට වඩා පිරිමින් ය. දුම්රියේ ප්‍රමාණයට වඩා මිනිස් ප්‍රමාණය ඉහළ ය. කෙසේ හෝ උදෑසනම එන දුම්රියේ නැඟී තම රාජකාරියට වාර්තා කිරීමට ඔවුන්ගේ එකම අභිප්‍රාය වෙති. එහිදී ගැහැනු පිරිමි භේදයකින් තොරව සියල්ලෝම එකට ගැටී යාමක් අද දක්නට ලැබේ. මෙහිදී කාන්තාවකට වෙන හිංසනය කෙබඳුද? රාජකාරිය සඳහා යන මිනිසුන් අතර සමහර අසහනකාරී මිනිසුන්ද ගමන් කරති. ඔවුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගනි. තදබද වී යන දුම්රිය තුළ කාන්තාවව අපහසුතාවට ලක් කරයි. එහිදී ඇයට මුහුණදීමට සිදුවන බලපෑම ඛේදජනක ය. කෙසේ හෝ එම දුම්රියේම ගමන් කළයුතු බැවින් ඇය ද එය ඉවසා දරා සිටිති.

 මෙවැනි වූ ඉරණමකට සමාජය පත්ව ඇත්තේ ඇයි? පිරිමිකම රඳා පවතින්නේ මෙවැනි ක්‍රියා මත ද? බොහෝවිට දුම්රිය තුළ සිදු වන්නේ කාන්තාව මානසික වශයෙන් අතවරයට ලක් කිරීමයි. තදබදය හමුවේ සහ කාන්තාව ඉදිරියේ ඔවුන්ගේ හැඟීම් උද්දීපනය වෙයි. මෙය අයහපත් ක්‍රියාදාමයකි. ඇතැම්විට කාන්තාවට එය නොදැනුනා සේ තම සිතින් විදවමින් ගමන් කරයි. ඇතැම් විටෙක එවැනි මිනිසුන්ට දුම්රිය තුළදීම පහර කෑමට සිදු වූ අවස්ථා ද දක්නට ඇත. මෙවැනි ක්‍රියාදාමයන්ට පෙළඹීමට තරම් පිරිමි සිත පහත් ද යන්න හැඟීමක් මෙවන් ක්‍රියාදාමයන් තුළින් අපට සිතේ.

     දුම්රියට නැඟීමට හෝ බැසීමට යාමේදී ද සිදුවන්නේ ඇතැම් පුද්ගලයින්ගේ විවිධ ක්‍රියාවන්ට මුහුණ දීමට ය. උදෑසන දුම්රියක පාසල් ළමුන් , කුඩා දරුවන් බෙහෙවින් ගමන් කරනු ලබති. ඔවුන්ට ද ඇතැම් විටක මෙවැනි ක්‍රියාවන් ඇස ගැටේ. එහිදී පිළිකුලක් ඇතිවීම සාමාන්‍ය දෙයකි. නමුත් මෙම ඛේදනීය තත්වය නවතා දැමිය යුතුය. සැමටම එක ලෙස ගමන් කල හැකි පොදු ප්‍රවාහන සේවයක් තුළ මෙවැනි අකටයුතුකම් සිදු නොවිය යුතුය. මෙමගින් සිදු වන්නේ දුම්රිය ප්‍රවාහන සේවාව මිනිසුන්ට එපා කරවීමකි. එබැවින් මිනිසුන්ගේ ආකල්ප වර්ධනය කළ යුතුය. මෙවැනි මිනිසුන් නිසා අකාලයේ පරව යන බොහෝ ජීවිත අපට හමුවේ. මෙය වෙනස් විය යුතුය.

     ඇතැම් අවස්ථාවල දුම්රියේ ගමන් කරනු ලබන ඇතැමුන් තම ජංගම දුරකථනය ඔස්සේ හිඳ සිටින කාන්තාවගේ ඡායාරූප ගැනීම සිදු කෙරෙයි. කාන්තාව මෙම ක්‍රියාවන් ඔස්සේ කෙතරම් අසරණයට ලක් වන්නේද? ජනමාධ්‍ය හරහා මේ පිළිබඳව බොහෝ සිදුවීම් අසන්නට දකින්නට ලැබෙයි. මෙවැනි අදම පහත් ක්‍රියාවන්ට තිත තැබිය යුතුය. ඒ සඳහා සැවොම එකට පෙළගැසිය යුතුය.

වයි.ජී.විජයසිංහ
HS/2015/1138
(මුද්‍රිත මාධ්‍ය)

2 comments:

ආර්ථිකය නළවන මත්ද්‍රව්‍ය

ආර්ථිකය නළවන මත්ද්‍රව්‍ය  ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස වර්තමාන සමාජය දියුණුය. සමාජය දියුණු වීමත් සමඟ  ඒ හා බැදී පවතින ආර්ථිකය ක්‍රමයෙන...