Suicide මාෆියාවක් ද?
"Suicide" වචනය ඇසීමත් සමඟ මරණය පිළිබඳ ආකල්පයක් ගොඩනැගේ. Suicide යනු එක්තරා වූ මරණයට පත් වෙන කලාවකි. වර්තමානය වනවිට මෙය thrend එකක් බවට පත් වී ඇත. සිදුවන කුමන හෝ ගැටලුවකට එකම විසඳුම් කාරකය "suicide" බවට සමාජයේ ආකල්පය පටු වී ඇත.
පැරණි සමාජය තුළ මරණයක් සිදු වී ඇති බව ආරංචි වුවත් තැතිගැම්මකට ලක් වේ. පැරණි සමාජය තුළ තමා විසින් තමාවම මරණයට පත් කර ගැනීමක් අසන්නට දකින්නට ලැබුණේ කලාතුරකිනි. නමුත් වර්තමානයේ එය සතර දිගින් ඇසෙන කතාවක් බවට පත් වී හමාරය. මෙලොව වෙසෙන සියල්ලෝම මනුෂ්‍ය වැසියෝ ය. ජීවිතය ජීවත් කරවීමට යන ගමනේදී ඔවුන්ට නොයෙක් කරදර , කම්කටොලු , බාධක හමුවේ. එවැනි දෑ සඳහා සාර්ථකව මුහුණදෙනවා වෙනුවට එයට විසඳුම ලෙස suicide කරගැනීම අගනේ ද? එසේ කරගැනීම තුළ එම ගැටලුවට විසඳුමක් ඇත්තේ ද?
"Suicide" කරගැනීමට එකහෙළා බලපානු ලබන්නේ ක්ශණික තීරණ හෝ හැඟීමක් ය. එය පුද්ගල මනසට එනු ලබන්නේ බොහෝ දුරට ජනමාධ්‍ය හරහා විකාශනය කරනු ලබන විවිධ වැඩසටහන් ය. එනම් සිනමා පටයකින් හෝ ටෙලිනාට්‍යයකින් හෝ පෙන්වන දෑ නූතන මිනිසා අනුකරණය කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස suicide කරගැනීම සමාජගත වී ඇත. පසුගිය දින කිහිපය තුළ රට තුළ suicide මරණ කෙතරම් ප්‍රමාණයක් වාර්තා වුණිද? බොහෝ සිදුවීම් ප්‍රේම ආරවුල් මුල් කර ගැනීමෙන් වූ බව පැහැදිලිය.
ඇත්තෙන්ම suicide කරගනු ලබන්නේ එක් පුද්ගලයෙක් විය හැකිය. නමුත් ඒ තුළ තව කීදෙනෙක් විඳවනවා ඇත් ද? මෙවැනි පටු ක්‍රියාවන් සඳහා යොමු වීමට පෙර දෙපාරක් සිව්පාරක් දසපාරක් වුවද සිතිය යුතුය. මෙමඟින් අන් මිනිසුන් කෙතරම් අසරණ වෙනවාද?
කෙසේවෙතත් වර්තමානය වනවිට suicide මාෆියාවක් වී හමාරය. ඉන් ගැලවීමට නොහැකිය. ගැලවීමට වුවමනා කළද සමාජය විසින් එය කිරීමට ඉඩ නොදෙයි. ඇතැම් වැඩසටහන් හරහා suicide කර ගැනීම step by step පෙන්නනු ලැබෙයි. මෙමගින් ද පුද්ගලයා ඒ කෙරෙහි ආරෝපණය වෙයි. සමාජ ජාල ඔස්සේ suicide කරගැනීමේ සිදුවීම් ඕනෑතරම් ය. එය පරිහරණය කරනු ලබන පුද්ගලයන් ඇතිවෙන පොඩි ප්‍රශ්නවලට පවා විසඳුම ලෙස සිය දිවි හානි කරගනු ලබයි. විශේෂයෙන්ම මෙම අර්බුදයට මුහුණ දෙනු ලබන්නේ තරුණියන් හා මැදි වයසේ සිටින්නන් ය. මින් බහුතරයක් පාසල් ළමුන් ය. බොහෝ suicide සිද්ධීන් වාර්තා වන්නේ දෙසැම්බර් හෝ සැප්තැම්බර් මාසවලය. එනම් විභාග අසමත් වීම් හේතුවෙනි. ළමා මනස කෙතරම් අවධානමකට ලක් වී ඇත්ද? මෙය ක්‍රමයෙන් වෙනස් කළයුතුය. ඒ සඳහා සැවොම සහාය වියයුතුය.
Suicide යනු භයානක ඛේදවාචකයකි. වර්තමානය වනවිට එය සාමාන්‍යකරණයට ලක් වී ඇති බැවින් මිනිසුන් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකරයි. නමුත් මෙවැනි අකල් මරණ දිගින් දිගටම වාර්තා වුවහොත් රටට අත්වන ඉරණම කුමක්ද? එබැවින් මෙම මාෆියාව රටින් තුරන් කිරීමට ක්‍රමයෙන් පියවර ගත යුතුය.
වයි.ජී.විජයසිංහ
HS/2015/1138
(මුද්‍රිත මාධ්‍ය)
Suicide යනු භයානක ඛේදවාචකයකි. වර්තමානය වනවිට එය සාමාන්‍යකරණයට ලක් වී ඇති බැවින් මිනිසුන් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකරයි. නමුත් මෙවැනි අකල් මරණ දිගින් දිගටම වාර්තා වුවහොත් රටට අත්වන ඉරණම කුමක්ද? එබැවින් මෙම මාෆියාව රටින් තුරන් කිරීමට ක්‍රමයෙන් පියවර ගත යුතුය.
වයි.ජී.විජයසිංහ
HS/2015/1138
(මුද්‍රිත මාධ්‍ය)
Ow eka aththa
ReplyDeleteOw eka aththa
ReplyDelete