Thursday, August 9, 2018

රුපියල කෝ...

රුපියල කෝ...




    මුදල් පසුපස හඹා යන යුගයකට වත්මන් මිනිසා පත්ව ඇත. සියල්ලෝම මුදල් වලට කැමතිය. කෑදර ය. එය මිනිස් ස්වභාවය වෙයි. දිවා රෑ මහන්සි වී වැඩකටයුතු කරන්නේ මුදල් රැස් කිරීමට නොවෙයිද? ඒ තරමටම ජීවිතයට මුදල් අවශ්‍ය ය. හුස්ම ගැනීමට පවා අදවනවිට මුදල් අවශ්‍ය කර තිබේ.

      නමුත් වර්තමාන සමාජයේ කෙතරම් මුදල් වෙනුවෙන් අකටයුතුකම් වෙනවාද? අප සියල්ලෝම බස් රථවල ගමන් කරති. කඩයකට ගොස් බඩු බාහිරාදිය මිලදී ගනියි. එහිදී නිසියාකාරව ගනුදෙනු කෙරෙනවා ද? හොඳින් ඇස් යොමු කළහොත් එය සිදුවන්නේ නිසි අයුරින් නොවන බව පැහැදිලි කර ගත හැකිය.

   Smart ජංගම දුරකථනයකින් අන්තර්ජාලයෙ සැරිසැරීමට නම් data අවශ්‍ය ය. ඒ සඳහා විවිධ වර්ගයේ data card වෙළඳපලවල දක්නට ලැබෙයි. එය මිලදී ගැනීමට යාමේදී නිසියාකාරව ගනුදෙනුවක් සිදුවේද? වත්මන් 49,99 වැනි කාණ්ඩ යටතේ data card පවතින අතර එය මිලදී ගැනීමේදී එහි අගය වන්නේ 50/= නැතිනම් 100/= ක් ය. මෙහි ඉතිරි රුපියලට කුමක් සිදුවේ ද? එය කඩහිමියා අතටය.

 වර්තමානය වනවිට ලාංකේය සියලු වෙළඳසැල් තුළ  මෙම ක්‍රියාව සිදු වෙයි. ඉතිරි රුපියල පාරිභෝගිකයන් අතට පත් වන්නේ නැත. එය වෙළඳසැල් හිමියාගෙන් අසන්නට යන්නේද නැත. නමුත් වෙළඳසැලෙන් භාණ්ඩයක් මිලදී ගෙන පාරිභෝගිකයන්ට ඉතිරි රුපියලක් අඩු වුවහොත් එම භාණ්ඩය මිලදී ගැනීමට නොහැකි වෙයි. නැතිනම් වෙළඳසැල් හිමිකරුගෙන් දෝෂාරෝපණයට ලක් වීමට සිදු වෙයි.

      බස් රථයේ ද සිදු වන්නේ මෙවැනිම වූ ක්‍රියාදාමයකි. ටිකට්පත මිලදී ගැනීමේදී රුපියලක දෙකක පරතරයක් තිබුණොත් කොන්දොස්තර මහතා එය ලබා දෙන්නේ නැත. නමුත් අප අතින් රුපියලක් මඟ ඇරුණුවිට එක එල්ලේ  දොස් නගයි. මෙවැනි ක්‍රියාදාමයන් වර්තමානයේ බොහෝ සේ සිදුවෙයි. රුපියලට එතරම් වටිනාකමක් නොදෙයි. එය මුදලක් සේ නොසලකයි. නමුත් ලක්ෂ ගණන් මුදල්වල ආරම්භය සිදුවන්නේ රුපියලෙනි. එමනිසා එහිදී එයට අගයක් එක් කළයුතුය. මෙවැනි මගඩිකම් නවතා දැමිය යුතුය.

මිනිසුන් රුපියලේ අගය නොසලකුව ද තවමත් ජීවත්වීමට නොහැකි රුපියලක්වත් ළඟ නොමැති මිනිසුන් ඕනෑතරම් ලංකාවේ ජීවත් වෙති. එබැවින් මෙම තත්වය වෙනස් විය යුතුය.

 අසාධාරණයට පැවැත්මක් නැත. තම රාජකාරි දේවකාරිය සේ සලකා කළයුතුය. එහිදී පුද්ගලයා සාධාරණ විය යුතුය. "රුපියලනෙ" කියා එය මඟ හැරීම නොකළ යුතුය. රුපියල ද අවශ්‍ය වෙන අවස්ථාවන් ඕනෑතරම් ය. එමනිසා නිසියාකාරව ගනුදෙනු කල යුතුය. එය තමාට මෙන්ම සමාජයට ද කල් ක්‍රියාවකි.

වයි.ජී.විජයසිංහ
HS/2015/1138
(මුද්‍රිත මාධ්‍ය)

3 comments:

ආර්ථිකය නළවන මත්ද්‍රව්‍ය

ආර්ථිකය නළවන මත්ද්‍රව්‍ය  ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස වර්තමාන සමාජය දියුණුය. සමාජය දියුණු වීමත් සමඟ  ඒ හා බැදී පවතින ආර්ථිකය ක්‍රමයෙන...