රූප,ශබ්ද ,ගන්ද, රස,ස්පර්ශය කෙරෙහි මිනිස් සිත ඇලවීම පංචකාමය නම් වෙයි. තම ඉන්ඩ්‍රියයන් පිනවීම සැපතක් සේ කල්පනා කරනු ලබන පුද්ගලයා ඒ කෙරෙහි ඇලෙයි. ඉන් ඇලෙන මිනිසාට එය සැපතකි. අලංකාර රූපයක් , මදුර ශබ්දයක් , ප්‍රිය උපදවන සුගන්ධයක්, දිව පිනවන රසයක්, කය පිනවන ස්පර්ශයක් ලැබීමට මිනිසා ඇලුම් කරයි. එය මිනිස් ස්වභාවය යි. නමුත් එය බොහෝ කල් පවතීද යන්න ගැටලු සහගතය. මෙය නිවැරදිව තේරුම් ගැනීමට දියුණු සිතක් අවැසි වෙයි. සරල නිදසුනක් ගතහොත් , ඔබ මලකට පෙම් බදී යයි සිතන්න. යමෙකු එය නටුවෙන් කඩාගෙන එහි ආශ්‍වාදය විදියි. තවකෙකු එය නටුවෙහිම තිබියදී එහි ආශ්‍වාදය විද දරා ගනියි. මෙහිදී බුද්ධිමත් සිත කුමක්දැයි ඔබට වැටහෙනු ඇත. මන පිනවන සුගන්ධයට වසඟ වී මල නටුවෙන් කඩාගෙන ආස්වාදය විඳින පුද්ගල සිත කාමයෙහි අන්ඨ වී ඇත. මෙවැනි මිනිසුන් සමාජ පරිසරයේ වෙසෙන තාක්කල් දියුණු සමාජ දර්ශනයකට මිනිසාට ගමන් කළ හැකිද?. එය ඔබ කල්පනා කළයුතු කරුණකි.
ශරීරය ලෙඩ රෝගවලට ගොදුරු වන බව , දිරාපත් වන බව , මැරෙන බව කල්පනා කරන්නෙකුට මෙකී කාමය කරදරයකි. මිරිඟුවකි. එහි යථාර්ථය අවබෝධ කරගත් මිනිසෙකුට එහි ඇති සැපතක් දක්නට නොලැබෙයි. නමුත් මිනිසෙකුට මෙකී කාමයෙන් තොරව ජීවත් විය හැකිද? කාමයක් නොමැතිව ලොව පැවැත්මක් පවතීද? යන කරුණු වෙනම සාකච්ඡාවට බඳුන් කළයුතු වේ. යථාර්ථවාදීව බැලූවිට ලොව ප්‍රාණියෙකු මෙලොවට බිහි වන්නේ කය පිනවන ස්පර්ශ කාමයෙහි ප්‍රතිඵලයක් නිසා නොවේද?. මෙය නිවැරදි ය. නමුත් මෙහිදී තේරුම් ගතයුතු වන්නේ දැඩි ඇල්මෙන් තොර වීමයි. දැඩිව බැද තබා ගැනීම මිනිස් සිතේ ස්වභාවය යි. එහිදී එම අල්ලා ගැනීමට දිගුකාලීන පැවැත්මක් නොමැති බව අවබෝධ කරගන්නේනම් ඔහු හෝ ඇය යම් මට්ටමක දියුණු සමාජ තලයක පසුවන්නේ යැයි නිර්ණය කළ හැකිය.
කාමය කෙරෙහි ආසාවක් ඇත්නම් එයින් සතුටු වීමට උත්සාහ කිරීම වරදක් නොවෙයි. ඔබගේ සිත කෙබඳුද යන්න ඔබ දන්නේ ය. සිත පාලනය කර ගැනීමේ හැකියාව ඇත්තේ ඔබ තුළ ය. ඔබගේ සිතට අනුව ඔබ ක්‍රියා කරන්නේ නම් ඔබ තුළ ස්වයං හික්මීමක් නිර්මාණය වෙයි. එමගින් දියුණුව කරා ගමන් කිරීමේ හැකියාවක් ලැබෙයි.
True story dr... all the best..
ReplyDeleteTrue story dr... all the best..
ReplyDelete