නිදහස් වෙළඳපල ආර්ථිකයත් සමඟ 1980 දශකයෙන් පසුව පුද්ගලික අංශ තුළ ද වියාපාර මට්ටමින් ගුවන්විදුලි සේවාවන් ආරම්භ වන්නට විය. මෙසේ ඇරඹෙන පුද්ගලික ගුවන්විදුලි සේවාවන් තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතයට ගැනීම හා සාම්ප්‍රදායික ගුවන්විදුලි ආකාරයෙන් බැහැරට යමින් නවතාවයක් ඔස්සේ සකස් විය.
පුද්ගලික ගුවන්විදුලි නාලිකා ප්‍රමුඛත්වය දෙනු ලබන්නේ විනෝදාස්වාදය සඳහා ය. වාණිජ පරමාර්ථ මුල්කොට ගනිමින් ක්‍රියාත්මක වන්නා වු පුද්ගලික ගුවන්විදුලි සේවාවන් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම මඟින් හොඳ ආදායම් මාර්ගයක් උපයයි.
ලංකාව තුළ බොහෝ ගුවන්විදුලි නාලිකා දැනට ක්‍රියාකාරීව පවතී. මෙම නාලිකා විවිධ වු වැඩසටහන් සිංහල , දෙමළ , ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් විකාශය වෙයි. විවිධ වු නාලිකා ලංකා ගුවන්විදුලි සංස්ථාව හා පුද්ගලික ආයතන කිහිපයක් මඟින් විකාශනය වෙයි.
ඒ අනුව, colombo Communication Limited මඟින් E Fm. රන් Fm සහ Sri Fm විකාශනය කෙරෙයි.
Asia Broadcasting Corporation මඟින් Gold Fm, Sun Fm, හිරු Fm, ෂා Fm සහ Sooriyan Fm විකාශය කෙරෙයි.
Maharaja Broadcasting Corporation මඟින් සිරස Fm, ශක්ති Fm, Y Fm, Legends Fm සහ Yes Fm විකාශනය කෙරෙයි.
VIS Broadcasting Limited මඟින් සිංහ Fm, Red Fm, Tamil Fm විකාශනය කෙරෙයි.
TNL Radio Network මඟින් TNL Rocks, Lite Fm සහ රිද්ම Fm විකාශනය කෙරෙයි.
මීට අමතරව Lak Fm, ලක්හඬ , නෙත් Fm, සියත Fm, FM දෙරණ යනාදි නාලිකා විකාශනය වෙයි.
පුද්ගලික ගුවන්විදුලි භාෂා රටාව ගත් කල සම්මත භාෂා රටාවන්ගෙන් මිදී නිර්මාණශීලි අයුරින් කටවහරට හුරු සරල භාෂා රටාවක් යොදා ගනු ලැබීය. සිංහල හා ඉංග්‍රීසි භාෂාව තමන්ට රිසි අයුරින් පරිහරණය කරයි.
වැඩිම දෙනෙකු සවන් දෙන Sri Fm නාලිකාව සරල වින්දනය ඉලක්ක කරගත් ගීත , නාට්‍ය හා පුවත් වැඩසටහන් පමණක් ප්‍රචාරය කෙරෙන නාලිකාවකි. සිරස Fm හා නෙත් Fm කාලීන වැඩසටහන් මද වශයෙන් ද ඒ සමඟ විනෝද වැඩසටහන් වැඩි වශයෙන් ද ප්‍රචාරය කරන අතර රිදම් ,රන්, වයි Fm සම්පූර්ණයෙන්ම ගීත සඳහා වෙන් වු නාලිකා ය.
ලක්හඬ හා ස්වදේශික සේවය පමණක් අසන්නන් වෙත හරවත් වැඩසටහන් සැපයීම මූලික අභිප්‍රාය කරගෙන සිටින නමුත් ඒවායේ ස්ථානය පහත වැටී ඇත.මෙම රාජ්‍ය ගුවන්විදුලි නාලිකා මෙසේ පහත වැටීමට හේතු ලෙස ,
× අසන්නන් හිග වීම.
× වෙළඳ දැන්වීම් තුළ ඇති අඩුපාඩු.
× පැවති රජයන් විසින් දේශපාලන අපයෝජනයට නාලිකා යොදා ගැනීම.
ආදිය ගත හැකිය.
ගුවන්විදුලි නාලිකා අතුරින් අසන්නන්ගෙ රුචිය වැඩි වශයෙන් පවතින වැඩසටහන් ලෙස ,
* Sri Fm - කණාමැදිරි රාත්‍රිය
* සිරස Fm - ටාසන් විකට කතා
* හිරු Fm - අරා & පැස්බරා / පටිරොල්
වැනි වැඩසටහන් ගත හැකිය..
ලංකාවේ ගුවන්විදුලි නාලිකා සිය අසන්නන් සමඟ පවත්වාගෙන යන සබඳතා ලෙස ,
× දුරකථන මාර්ගයෙන් ගීත ඉල්ලීම් ලබා දීම.
× දුරකථන මාර්ගයෙන් පැනවලට පිළිතුරු ලබා දීම.
× SMS මඟින් ගීත ඉල්ලීම.
× තැපැල්පත් මඟින් පැනවලට පිළිතුරු ලබා දීම..
ගුවන්විදුලි නාලිකා අතර තරගකාරීත්වය වර්ධනය වෙත්ම අලෙවිකරණ සංකල්පය ඔස්සේ අසන්නන් හා සමීප වීමට එක් එක් නාලිකා උත්සාහ ගෙන ඇත. මෙහි ප්‍රතිඵල ලෙස මෙරට ගුවන්විදුලි ඉතිහාසයේ නොපැවති අනේකවිධ තරග , තෑගි බෙදා දීම ආදිය නිර්මාණය විය.
Ex: Sri Fm - ගමින් ගමට / මං අහන්නෙ Sri Fm
නෙත් Fm - නෙත් එළිය
පුද්ගලික නාලිකා සියල්ලම තැපැල්පත් හා දුරකථන ප්‍රදාන සන්නිවේදන මාධ්‍ය ලෙස භාවිත කරයි. ගුවන්විදුලි නාලිකා කෙරෙහි නිරන්තරයෙන් එල්ලවන චෝදනා අතර ,
× වින්දනයෙන් ඔබ්බට යාමට නොසිතීම.
× භාෂාව විකෘති කිරීම.
× රැල්ලට ඔබින ගීත ප්‍රචාරය කිරීම.
ගත හැකිය.
මෙම වැරදි පිළිබඳ මතුපිට අර්ථයෙන් සැලකීමේදී එක්වරම හැඟී යන්නේ මෙම මාධ්‍ය පිළිබඳ නොදන්නා පිරිසකගේ අතට එම හැසිරවීමේ බලය ලැබී ඇති බවයි. නමුත් මෙම සියල්ල පසුපස වෙළඳ අධිකාරිය හසුරුවන අධිපතිමතය පවතියි.
Yeah..true story...🤔🤔🤔
ReplyDeleteGood for media studies
ReplyDelete