ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස වර්තමාන සමාජය දියුණුය. සමාජය දියුණු වීමත් සමඟ ඒ හා බැදී පවතින ආර්ථිකය ක්‍රමයෙන් දියුණු වේ. ආර්ථිකය අංශ ගණනාවකින් සමන්විත වන අතර මෙරටට ආර්ථිකය නඟා සිටුවීමට විශාල මෙහෙයක් සිදු කරන මත්ද්‍රව්‍ය ගැන කතා නොකරම බැරිය.
මත්ද්‍රව්‍ය වූ කලී වියසනයකි. ජීවත වනසන , මිනිස් සබඳතා තුරන් කරන්නා වූ එකී මාරයා මඟින් මෙරට ආදායම ඉහළ නංවා ගැනීමට මහත් රුකුලක් සේ බලවතුන් එය මෙහෙයවයි. මෙහි ඇති ජනප්‍රියත්වය හේතු කොටගෙන ගම් නියම්ගම් සිසාරා මෙහි ඇති ප්‍රතිඵල සියල්ලෝම අත්විඳි.
මෙරට සෑම කටයුත්තක්ම කිරීමට පෙරාතුව මත්ද්‍රව්‍ය මුල්කරගෙන සිටියි. ඕනෑම උත්සව අවස්ථාවක අනිවාර්ය අංගයක් වනුයේ මත්වතුරයි. මෙය නැතිනම් එය උත්සවයක් නොවන තරමටම සමාජය මේ සඳහා හැඩගැන්වී ඇත. එමෙන්ම බොහෝ පුද්ගලයන් තම කායික, මානසික වෙහෙස විඩාව දුරු කරගැනීමේ උත්තේජකය ලෙස මත්ද්‍රව්‍ය භාවිත කරයි. මෙහි ඇති අතුරු ප්‍රතිඵල රාශියකි. එනම් පවුල් ජීවිත කඩාකප්පල් වීම, රිය අනතුරු ඉහළ යාම, ලිංගික බෙලහීනතාවය ආදී සිදුවීම් රැසකට මග පාදන මූලිකාංගයක් ලෙස මත්ද්‍රව්‍ය හැඳින්විය හැකිය.
තත්වය මෙසේ වුවත් මෙරටින් මත්ද්‍රව්‍ය තහනම් කිරීමට කිසිදු වැඩපිළිවෙළක් නොගනී. කිසිදු බලධාරියකු විසින් මේ පිළිබඳව කෙළින් කතා කිරීමට මැළි වෙයි. මන්ද රට මේ තරම් හෝ තත්වයක පවතින්නේ මත්ද්‍රව්‍යවලින් ලැබෙන ආදායම හේතු කොටගෙන බැවිනි. ඇතැම් නිලධාරීන් සුරසැප භුක්ති විඳිනු ලබන්නේ මෙමගින් ලැබෙන ආදායම හේතුවෙනි. මෙමඟින් දැඩි ලෙස පීඩාවට පත් වන්නේ අසරණ ජනතාවයි. මෙහි ඇති පෙළඹවීමත් සමඟ වර්තමානයේ තරුණ පිරිස ද මේ සඳහා ලොල් වී ඇත. පාසල් වයසේ සිටම කුඩු, ගංජා සඳහා ළමුන් තුළ ප්‍රවනතාවක් දක්නට ලැබෙයි.
ඇතැම් පිරිස් පවතින ගැටලු හේතුවෙන් මත්පැන් පානය කරනු ලබයි. එවිට එය නිරාකරණය වනවා යැයි ඔවුන් සිතිය හැකිය. මෙම මත්ද්‍රව්‍ය සඳහා වර්තමානය වනවිට විස රසායනික දෑ එක් කර ඇති බවට කතාවක් පැතිරේ. කුමන දේ සිදුවුවත් මෙහි වර්ධනය වළකාලිය නොහැකිය. අධික මිල ගණන් යටතේ පිටරටින් මෙරටට ආනයනය කරනු ලබන මත්ද්‍රව්‍ය අත යටින් අනෙකාට මාරුවන සමාජයක අප ජීවත් වෙති. මේ පිළිබඳව කතා කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවෙති. සියල්ලෝම ඇත්ත වසන් කොට බොරුව උද්දීපනය කොටගෙන ජීවත් වෙති.
යමෙකු මෙහි ඇත්ත හෙළිකලොත් ඔහුට සිදු වනුයේ ඇතැම්විට තමා සිටින ප්‍රදේශයෙන් අතුරුදහන් වීමට ය. මේ හේතුවෙන් කිසිවෙක් කිසිවක් හෙළිදරව් නොකරයි. කෙසේවෙතත් මෙකී මත්ද්‍රව්‍ය සමාජයට අහිතකරය. මෙය පාලනය කළයුතුය. කෙතරම් හංවඩු ගැහුවද කෙතරම් මාධ්‍ය මඟින් දැනුවත් කිරීම් සිදු කළද මෙහි ඇති අඩුවීමක් දක්නට නොලැබෙයි. දවසින් දවස මෙහි වර්ධනය පෙන්නුම් කරනු ලැබෙයි. මෙය යම්තාක් දුරකට හෝ සමනය කර අනාගත පරපුර මෙම ඛේදවාචකයෙන් ගලවා ගැනීමට පියවර ගත යුතුය. බලධාරීන් මේ පිළිබඳව මීට වඩා අවධානය යොමු කල යුතුය.
වයි.ජී.විජයසිංහ
HS/2015/1138
(මුද්‍රිත මාධ්‍ය)
වයි.ජී.විජයසිංහ
HS/2015/1138
(මුද්‍රිත මාධ්‍ය)