Tuesday, August 7, 2018

Visual සංස්කෘතිය

Visual සංස්කෘතිය 




   ලෝකය දියුණුය. නිර්මාණාත්මකය. ඒ අනුව නූතන සමාජ මිනිසා නව නිර්මාණ බිහිකිරීමට යාමේදී තාක්ෂණයේ අතවැසියකු බවට පත්ව එහි සහාය පතයි. ඒ අනුව සංගීතය නිර්මාණය වෙයි. පැරණි කවිය රසබර ය. අරුත්බර ය. සමාජය දියුණු වත්ම කවිය බාල විය. තරුණ පිරිස කුල්මත් කිරීමට වර්තමානයේ කවිය නිර්මාණය වෙයි. නමුත් අතීතය වෙනස් ය. එනම් අතීත කවිය හුදෙක් අර්ථවත් පද බැදුමකින් සමන්විත විය. 

   මෙකී කවියට අද දවස වනවිට නිර්මාණකරුවන් රාශියක් අයිතිවාසිකම් ගොඩනගා ගනියි. වර්තමානයේ field එකට එන්නට නම් music vedio එකක් කරන්න ඕන කියන තැනට මනස හැදිලා අහවරයි. ඒ තරමට නූතනයේ visual කියන වචනයට අගයක් එක් වී ඇත. Music එක සමාගම ඒ සඳහා නිර්මාණය වූ දර්ශන රූප පෙළක් ප්‍රෙක්ෂකයා හමුවට ගෙන ඒමට එකී නිර්මාණකරුවා ක්‍රියා කරයි. ප්‍රෙක්ෂකයා පරිකල්පනයන් ගොඩනගා ගන්නේ එම visual එක හරහාය.

    ජනප්‍රිය සංස්කෘතිය මෙරටට මුහුණු වීමත් සමඟ music සඳහා visual එකක් කිරීම අනිවාර්ය වුණි. Visual එකක් නැත්නම් එය අංගසම්පූර්ණ නොවේ යන මානසිකත්වයක් නිර්මාණකරුවාට මෙන්ම ප්‍රෙක්ෂකයා ද සිතීම සාධාරණය. ඒ තරමටම ජනප්‍රිය සංස්කෘතිය මෙරට ගිලගෙන හමාරය. 

     මෙරට ඇතැම් vedio බැලීමට තරම් දෙයක් නොමැත. උසස් music vedio නැතුවාම නොවෙයි. නමුත් එය අල්ප ප්‍රමාණයකි. සමහර music වල music එකට වඩා visual හොඳය. ඉන් අනෙක් පැත්ත ද දක්නට ලැබෙයි. ඇතැම් visual බැලීමට නොහැකි තරම් අසභ්‍ය ජනකය. මෙහි අරමුණ වැඩි ප්‍රෙක්ෂක ජනතාවක් ඒ සඳහා ආකර්ශනය කර ගැනීමයි.  නැතිනම් Youtube එකතුළ ratings හදා ගැනීමයි. මෙවැනි දැ කිරීම තුළ ප්‍රතිඵලයක් තිබේද? එය අද්‍යනය කළයුතුය.

  පැරණි ගීතය මිහිරිය. සුසර ය. ඒ තුළ වැඩි දර්ශන රූප යොදා ගැනීමක් සිදු නොවුණි. ආසන්නා විසින් තම පරිකල්පන ශක්තිය අනුව ඒ සඳහා සිදුවීමක් ගොඩනගා ගනියි. නමුත් වත්මන් ගීතය මෙවැනි ක්‍රියාකාරී බවක් නොමැත. 

    වත්මන් කවිය තරුණයා ඉලක්ක කරගනී. ඔවුන්ගේ ආකල්ප අනුව එය නිර්මාණය වෙයි. එහිදී ඒ සඳහා ඔබින visual එකක් music එක සඳහා යොදා ගැනීමක් දක්නට ලැබෙයි. බොහෝ ජනප්‍රිය ගීතවල visual එක ගීතයට ගැළපීමක් නොමැති ප්‍රවනතාවකට පත්ව ඇත. අදවන විට music එකක් නිර්මාණය කලහොත් කුමන හෝ visual එකක් කඩිනමින් කර එය සමාජ ගත කිරීමේ යුහුසුළු බව හේතුවෙන් එකී ඉරණම අත්ව තිබේ. 

   ඇතැම් music සඳහා නිර්මාණය වන visual ජනප්‍රිය වීම සඳහා රාගිකත්වය උපයෝගී කරගෙන ගොඩනැගේ. තරුණ පිරිස් මේ සඳහා යොමු වන්නේ music එක බැලීමට නොව visual එක බැලීමට ය. සාමාන්‍යයෙන් අද music එකක් මතක තබා ගන්නේ ගීතෙන් නොව visual එක හරහාය. ඒ තරමටම වර්තමානයේ visual එක උන්මාදනීයයි. දවසකට ගීත බොහෝ ප්‍රමාණයක් හැදෙන අතර ඒ සඳහා හැදෙන visual ප්‍රමාණය ද ඉහළ ය.

     සමාජය විවිධාකාරය. එහිදී වට්ටෝරුගත මිනිසුන් ජීවත් වෙයි. මොවුන් සියල්ලටම එක සේ බැලිය හැකි හරවත් දේශීය ගණයේ music සඳහා visual ගොඩනගා ගැනීමට නිර්මාණකරුවා වගබලා ගත යුතුය. කෙසේ වෙතත් visual සංස්කෘතිය ලෝකය ගිලගෙන හමාරය. අප ද එහි අතකොලුවක් ය. එයට කම් නොමැත. සිදුවිය යුත්තේ හැඟීම්වලින් නොව බුද්ධියෙන් සිතා සැමටම රිසිවන අලුත් visual එකක් රසිකයා හමුවට ගෙන ඒමයි. 

වයි.ජී.විජයසිංහ
HS/2015/1138
(මුද්‍රිත මාධ්‍ය)

3 comments:

ආර්ථිකය නළවන මත්ද්‍රව්‍ය

ආර්ථිකය නළවන මත්ද්‍රව්‍ය  ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස වර්තමාන සමාජය දියුණුය. සමාජය දියුණු වීමත් සමඟ  ඒ හා බැදී පවතින ආර්ථිකය ක්‍රමයෙන...