පෘතුගීසින් මෙරටට පැමිණෙන තුරුම අප රට සමස්තයක් ලෙස සාම්ප්‍රදායික සමාජයක් ලෙස පැවති බව අප දන්නා කරුණකි. භූගෝලීයව ගත් කල ද ආසියානු සමාජ ආශ්‍රිතව බොහෝ ප්‍රදේශ සාම්ප්‍රදායික බවින් තවමත් මිදී නොමැති බවක් දක්නට ලැබෙයි. ලංකාවේ පැවැති කෘෂිකර්මය සහ වාරිමාර්ග ක්‍රම පදනම් කරගත් ශිෂ්ටාචාරය සාම්ප්‍රදායිකත්වය සමඟ බැඳී පවතින බව කවුරුත් දන්නා නොරහසකි. ආර්ථික ජීවිතය පාරම්පරික කෘෂිකර්මය මත රැදුණ. මෙම කාල වකවානුවේ යැපීම් කරනු ලැබුණේ මුදලින් නොව භාණ්ඩ සහ ඉඩම් වලිනි. කුල ක්‍රමය සහ බැඳුණු වැඩවසම් ක්‍රමය යනාදිය සාම්ප්‍රදායික සමාජය තුළ දක්නට ලැබුණි.
කෙසේ වෙතත් ඉංග්‍රීසි පාලන යුගය වනවිට මෙම තත්වය වෙනස් විය. ලංකා සමාජය සාම්ප්‍රදායිකත්වයෙන් නූතනත්වයට පත් වීමේදී යටත් විජිත පාලන ක්‍රමය ඍජුව සහ වක්‍රව බලපාන ලදි. සමාජ ජීවිතයේ සෑම අංශයකම ඇතිවන වෙනස්කම් හමුවේ නවීකරණය උපත ලබන්නට පටන් ගත්හ. සාම්ප්‍රදායික සම්බන්ධතා වෙනුවට නිල බැඳීම් මඟින් ආර්ථික කටයුතු පවත්වාගෙන යාම සහ මුදල් හුවමාරුව ක්‍රමිකව වර්ධනය විය. ඉංග්‍රීසි භාෂාව පැමිණීමත් සමඟ අප රට සැලකිය යුතු වෙනසකට පත්විය. එමඟින් සාක්ෂරතාව වර්ධනය විය.
නූතන සමාජය බිහිවීමට වෙසසින් බලපෑ තවත් කරුණක් වන්නේ බහු සමාජ ක්‍රමය යි. එමඟින් මෙතෙක් පැවති සිංහල බුද්ධාගම අනන්‍යතාව බිඳ වැටුණි. එමඟින් සාම්ප්‍රදායික සමාජය බිඳ වැටීමට ලක් විය. ජනවාර්ගික වශයෙන් සිංහල , දෙමළ , මුස්ලිම් , බර්ගර් වැනි ජන කොටස් ඔවුනොවුන්ගේ සංස්කෘතියට අනුව ජීවත් විය. ආගමික වශයෙන් බුද්ධාගම , හිංදු , ඉස්ලාම් , ක්‍රිස්තියානි වැනි ආගම් ඔවුන්ගේ ආගම්වලට අනුව එකට ජීවත් විය. මෙම තත්වය තුළ අප සමාජය බහු සමාජ ලක්ෂණ පෙන්නුම් කිරීම නවීකරණ ක්‍රියාවලියට මාර්ගය සැකසීමක් විය.
මෙම සියලු කරුණු දෙස විමසිලිමත් ලෙස බැලීමේදී ලංකා සමාජය සාම්ප්‍රදායික සමාජයෙන් නූතන සමාජයට පරිවර්තනය වුයේ හදිසි ප්‍රතිඵලයක් ලෙස නොවන බව මට හැඟී යයි.
-Y.G.Wijayasinghe-
True story...
ReplyDeleteඔබේ අදහස කාලීන අදහසක්
ReplyDeleteකාලීන ලිපියක්
ReplyDelete