Monday, May 28, 2018

නව තාක්ෂණයේ නැගීම

නව තාක්ෂණයේ නැගීම...



ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස ආ , යාන්ත්‍රිකකරණය මඟින් ඔප් නැගුණු නව තාක්ෂණය වත්මන් ලෝකයම ගිල ගනිමින් සිටිති. මෙම ගිල ගැනීම යහපත් ය. ප්‍රතිඵල දායක ය. එනම් වත්මන් සමාජයේ සෑම පුද්ගලයකුම තම  දෛනික කාර්ය සඵල කර ගැනීමට අතවැසියකු ලෙස තාක්ෂණයේ උපකාරය පතයි. සමාජයේ ප්‍රගමනයට තාක්ෂණය අද වනවිට නැතිවම බැරිය. 
       ජනමාධ්‍ය දෙසින් සලකා බැලූ විට අද නව තාක්ෂණය රූපවාහිනීය, ගුවන්විදුලිය , සිනමාව සඳහා යොදා ගනු ලැබෙයි. එමෙන්ම ලෝකයම එක තැනකට සමීප කර තබා ගැනීමේ විශ්ව ශක්තියක් නව තාක්ෂණය සතු  වේ. FB , Youtube , Skype , Twitter , Watsapp , Viber යනාදිය තාක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස ගොඩනැගුණු දේවල් ය.
        ලෝකයේ උගත් , බුද්ධිමත් මිනිසුන් බොහෝ ප්‍රමාණයකගෙ මොළය මඟින් උපන් මෙම මෙවලම සාර්ථකත්වයට නතිනම් යහපතට යොදා ගැනීමට සමාජ මිනිසා ක්‍රියා කළ යුුතු ය. එසෙ සිදුවූවහොත් සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් සංවර්ධිත රටවල් බවට පත්වනු නොඅනුමානය.

                     - Y.G.Wijayasinghe - 

6 comments:

ආර්ථිකය නළවන මත්ද්‍රව්‍ය

ආර්ථිකය නළවන මත්ද්‍රව්‍ය  ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස වර්තමාන සමාජය දියුණුය. සමාජය දියුණු වීමත් සමඟ  ඒ හා බැදී පවතින ආර්ථිකය ක්‍රමයෙන...